වට්ටම්කරණය

විකුණුම්කරු සහ ගැනුම්කරු අතර ණය වාරයක් පදනම් කරගෙන විකිණීමක් සිදු කරන විට වට්ටම්කරණය විශේෂයෙන්ම භාවිතා කරයි. ගනුදෙනුව පහසු කිරීම සඳහා ලබා දෙන ඉන්වොයිසියට ෆැක්ටරින් හරහා මුදල් යෙදවිය හැකිය.

සමහර ව්‍යාපාරවලට අයත් බොහෝ ඉන්වොයිසිවල ණය කොන්දේසි දින 30, 45, 60, 90 සහ 120 හෝ 180 දක්වා දීර්ඝ කර ඇත. සමාගමකට තම ගනුදෙනුකරු නියමිත දිනය දක්වා ගෙවන තෙක් බලා සිටිය හැකිය, ගනුදෙනුකරුට කලින් ගෙවීම සඳහා වට්ටමක් ලබා දිය හැකිය, නැතහොත් ඉන්වොයිසිය සඳහා මුදල් යෙදවිය හැකිය.

 

එය ක‍්‍රියාත්මක වන ආකාරය

ඔබේ ව්‍යාපාරය එහි ආකෘතියට ගැලපෙනු ඇතැයි මුලදී අප තීරණය කරන්නෙමු. පසුව අප ඔබගේ ලැබීම් විශ්ලේෂණය කර, ඔබේ ණයකරුගේ ණය සහ ඉන්වොයිසියේ වලංගුභාවය පරීක්ෂා කර බලන්නෙමු.

සහතික කරගත් පසු, (සාමාන්‍යයෙන් පැය 3 ක් ඇතුළත) අප ඉන්වොයිසියේ වටිනාකමෙන් එකඟ වූ පරිදි අත්තිකාරම් මුදලක් (එනම් 70% සිට 85% අතර මුදලක්) ලබා දෙන්නෙමු. ඔබ සහ ඔබේ ණයකරු එකඟ වූ පරිදි ඔබේ ණයකරු ගෙවීම සිදු කරන විට, එම ගෙවීමෙන් ෆැක්ටරින් ගාස්තුව අඩු කර ඉතිරි මුදල ඔබට ආපසු ගෙවනු ලැබේ.


ෆැක්ටරින් කුමකටද

පහසුව

ෆැක්ටරින් යනු පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව සැකසෙන බැඳීම් සමඟ වේගයෙන් වර්ධනය වන ආයතනයන්ය. බොහෝ විට, සමාගමක් වේගයෙන් වර්ධනය වන විට සාම්ප‍්‍රදායික ණය සීමාවක් ඉක්මවා යයි. මෙමඟින් සමාගමට තම වර්ධන ගමන් මගේ රැඳී සිටීමට උපකාරී වන වෙළෙඳපොළ අවස්ථා අත්පත් කර ගැනීම දුෂ්කර වෙයි. වට්ටම්කරණය භාවිතා කරමින්, ණය සීමාවක් ඉක්මවා යා නොහැක. වට්ටම්කරණය සමඟ, ණය සීමාව පදනම් වන්නේ සුදුසු ලැබිය යුතු ප‍්‍රමාණය මත වන අතර එය සීමා වන්නේ සාධකයේ ණය සීමාවෙන් පමණි.

කොටස් රඳවා තබා ගැනීම සහතික කිරීමට හොඳ ක‍්‍රමයක්:

කොටස් ප‍්‍රමාණය අඩු කර නොගෙන සමාගමකට මුදල් යෙදවීමට වට්ටම්කරණය අවස්ථාව ලබා දෙයි. මෙය වත්මන් කොටස් හිමියන්ට තීරණාත්මක සාධකයකි.

සැපයුම්කරුගේ වට්ටම්වල වාසිය ලබා ගැනීම:

සැපයුම්කරුගේ වට්ටම්වලින් වාසි ලබා ගැනීම සඳහා සමාගමකට ඉන්වොයිසියක් නිකුත් කළ හැකිය. කාලයත් සමඟ මෙය සැලකිය යුතු ඉතිරි කිරීමක් වේ.

ඇපයට වගකීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම:

ෆැක්ටරින් භාවිතා කරමින්, ඔබට බොහෝ විට කිසිදු වත්කමක් ඇපයක් ලෙස වගකීමට අවශ්‍ය නොවන ආකාරයට සැකසිය හැකිය. එය ඔබේ ණයගැතියාගේ මූල්‍ය ශක්තීන් විශ්ලේෂණය කරන අතර ඔබගේ ලැබීම්වලට එරෙහිව පහසුකමක් ලෙස ක‍්‍රියා කරයි.

විකුණුම් ලෙජරය සහ ලැබිය යුතු දේ කළමනාකරණය කිරීම සරල කරයි:

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ෆැක්ටර් Softlogic Finance Factor යන නවීන ක‍්‍රමවේදය භාවිතා කරමින් ඔබට විකුණුම් ලෙජරය සහ ලැබීම් පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු අතර එමඟින් වැඩි කාර්ය මණ්ඩලයක අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇත. ඩිජිටල්කරණය කළ ණයකරුවාගේ එක් එක් පියවීම්වලට අදාල තොරතුරු ඇතුළුව සමස්ත සන්සංඳනාත්මක විශ්ලේෂණයන් හා වැඩි විස්තර සඳහා ප‍්‍රවේශය ලබා ගැනීමට මෙය ඔබට අවස්ථාව ලබා දෙයි.


විශේෂාංග සහ ප‍්‍රතිලාභ

  • ඔබේ විකුණුම්වල ප‍්‍රමාණය අනුව  ඕනෑම පහසුකමක් ලබා ගැනීමේ හැකියාව
  • CEFT ක‍්‍රමය භාවිතා කර රට තුළ ඇති  ඕනෑම බැංකුවකට ඉන්වොයිස් වටිනාකමෙන් 70-85% දක්වා ඉක්මනින් ගෙවීමේ පහසුකම. ඔබේ අපේක්ෂාව අනුව ඔබට ගිණුම් කිහිපයක් පවත්වා ගත හැකියි
  • මුදල් සංසරණයේදී අවදානමක් නොමැති වීම
  • ඔබේ ව්‍යාපාරයට බාධාවකින් තොරව අරමුදල් සැපයීම
  • නිත්‍ය ආරක්ෂාවක් අවශ්‍ය නොවේ
  • ඩිජිටල්කරණය කරන ලද මාසික සංසන්ඳනාත්මක වාර්තාවක්/විකුණුම් ලෙජරය/ ජංගම ගිණුම/ඉන්වොයිසි මගින් නිරවුල් කරන ලද වාර්තා
  • සෑම ගණුදෙනුකරුවෙකුගේම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කරන ලද පහසුකම්
  • ඔබේ ණයගැතියන්ගෙන් අප විසින් සිදු කරන ලද එකතු කිරීම්
  • ඔබේ ඉල්ලීම පරිදි ඔබේ ණයගැතියන්ට බැංකු ප‍්‍රකාශ, මතක් කිරීම් සහ දැන්වීම් ලැබෙනු ඇත (අවශ්‍ය නම්)
  • නව පහසුකම් සඳහා වැඩකරන දින 2 ක් තුළ මිලියන 20 ක් දක්වා අනුමත කිරීම
  • ඉවත් වීමේ ගාස්තුවක් නැත

ඉල්ලූම් කළ යුතු ආකාරය

ළඟම ඇති සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් කාර්යාලය වෙත ගොස් අපගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගේ සහාය ලබා ගන්න.
කරුණාකර රවීන්ද්‍ර සෙල්ලහේවා මහතා අමතන්න - 0777382259

දැන්ම විමසන්න

ශීර්ෂය*
නම*

දුරකතන අංකය*
විද්‍යුත් තැපෑල*

NIC අංකය*

*සියලූම ක්ෂේත‍්‍ර පිරවීම අවශ්‍ය වේ.

වට්ටම්කරණය

අපට ඇමතුමක් දෙන්න

0112 104 204