විශ්ලේෂණය

1999 දී ස්ථාපනය කළ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වෙයි. දිවයින පුරා ශාඛා 30 ක් පවත්වා ගෙන යන අප, අපගේ ගනුදෙනුකරුවන් සමඟ දිගු කාලීන සබඳතා ගොඩනඟා ගැනීම මත පදනම් වූ මූල්‍ය ආයතනයකි.

අපගේ සේවා සැලසුම් කර ඇත්තේ අපගේ ගනුදෙනුකරුවන් වැඩි අවස්ථාවන් සමඟ සම්බන්ධ කිරීම සඳහා වන අතර, අපගේ ලබා දෙන සේවාව අපගේ ගනුදෙනුකරුවන්ගේ හදවත් හා ජීවිත සමඟ බැඳී ඇති බව සහතික කරයි.

දැක්ම

ශ‍්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රියතම බැංකු නොවන මූල්‍ය ආයතනය වීම.


මෙහෙවර

විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවී සිටින අපගේ වෘත්තීයමය සහ උද්යෝගිමත් කණ්ඩායම හරහා පාරිභෝගිකයින්ට ගැලපෙන පරිදි සකස් කළ මූල්‍ය විසඳුම් තුළින් අපගේ ගනුදෙනුකරුවන් සතුටු කිරීමට කටයුතු කිරීමයි. මූල්‍ය ස්ථාවරත්වය සහ සාමාන්‍යය ප‍්‍රමාණයට වඩා ඉහළ ප‍්‍රතිලාභ තුළින් කොටස්හිමියාගේ වටිනාකම නිර්මාණය කිරීම. හොඳ ආයතනික පුරවැසියෙකු වීම සඳහා අපගේ අඛණ්ඩ කැපවීම පවත්වා ගැනීම සහ ප‍්‍රජාවට සහ පරිසරයට සුභදායක දායකත්වයක් ලබා දීම.


සංස්කෘතිය සහ සාරධර්ම

කාර්යසාධනය

ප‍්‍රතිඵල අරමුණු කරගත් සංස්කෘතියකට අප කැපවී සිටිමු. අප ගනුදෙනුකරුවන් අපගේ ක‍්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයෙහිලා කටයුතු කරන අතර පාරිභෝගික අවශ්‍යතා අනුව අප පොරොන්දු වූ දේ ලබා දීමට අප බැඳී සිටී.

නවෝත්පාදනය

සාම්ප‍්‍රදායික අදහස්වලට අපි නිරන්තරයෙන් අභියෝග කරන අතර පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා නව විසඳුම් සංවර්ධනය කරන්නෙමු.

අවංකභාවය

අප සාධාරණව හා අවංකව කටයුතු කරන්නෙමු. අපගේ සියලූ ගනුදෙනුවලදී ආචාර ධර්ම සහ විනිවිදභාවය පිළිබඳව අප විශ්වාස කරන්නෙමු.

මානව ප‍්‍රාග්ධනය

සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා විවිධාංගීකරණය වූ අපගේ ව්‍යාපාරයෙන් සහ අපගේ මිනිසුන් සමඟ එක්ව වැඩ කිරීමෙන් අප ප‍්‍රතිලාභ ලබන්නෙමු. අප අපගේ සියලූම කාර්ය මණ්ඩලයට ගෞරවයෙන් හා හෘදයාංගමව සලකන අතර ඔවුන්ගේ වෘත්තීයමය දියුණුව සඳහා අවස්ථා ලබා දෙමින් විශිෂ්ට කාර්යසාධනය සඳහා ඔවුන්ට ත්‍යාග ලබා දෙන්නෙමු.

සාර්ථකත්වය

අපගේ ව්‍යාපාරය උසස්ම තත්වයකට ගෙන ඒමට සහ ජයග‍්‍රහණය කිරීමට අප සෑමවිටම උත්සාහ කරමු.

ආයතනික වගකීම

ප‍්‍රජාව සහ පරිසරය පිළිබඳව අප සැලකිලිමත් වන අතර එය ආරක්ෂා කිරීම අප සතු වගකීමකි. අප හොඳ ආයතනික පුරවැසියෙක් වන අතර යහපත් අරමුණුවලට සහ සමාජ සත්කාර ව්‍යාපෘතිවලට සහාය වෙමු.