Home » ආයතනික කළමනාකරණය
ප්‍රධාන විධායක නිලධාරිනිය
වසර 14 කට අධික වෘත්තීය අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන ඉවෝන් බ්‍රොහියර් මහත්මිය සිය නායකත්ව අත්දැකීම් ද සමඟින් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමට සම්බන්ධ වෙයි. සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම පරිවර්තනීය ගමනක් ආරම්භ කර ඇති බැවින් ව්‍යාපාරික උපායමාර්ග, මූල්‍ය වාර්තාකරණය, උපායමාර්ගික මූල්‍ය කළමනාකරණය, ක්‍රියාවලි වැඩිදියුණු කිරීම්, තොරතුරු පද්ධති සහ ව්‍යවස්ථාපිත විගණනය යන ක්ෂේත්රවල ඇය සතු පුළුල් දැනුම ඉතා වැදගත් වේ. KPMG Ford Rhodes Thornton & Co. හි සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය එහි බදු විශ්ලේෂකයෙකු ලෙස සේවය කළ අතර පසුව AMW කැපිටල් ලීසිං හා ෆිනෑන්ස් සමාගමට සම්බන්ධ වී ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකරු ලෙස සේවය කළාය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මූල්‍ය වාර්තාකරණය සහ පාලනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ලෙස සම්බන්ධ වීමට පෙර ඇය AMWCL හි වසර 11 ක් සේවය කළාය. ඉන්පසුව, ඇය අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස සම්බන්ධ වී එහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත්වීමට පෙර වසර දෙකකට වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කළාය. එය ඇය සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී වෙත සම්බන්ධ වීමට පෙර ඇයගේ අවසන් පත්වීම විය. ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ (ICASL) සාමාජිකාවක් වන ඉවෝන් මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ පිළිබඳ BSc විශේෂ උපාධිය ද ඇය ලබා ගත්තාය.
සොයා බලන්න